Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සාෆියා යමික් ශ්‍රී ලාංකීය නාමය බබළවයි! වසර 27ක වාර්තාවක් බිඳ දමයි!

1 year ago

ඉන්දියාවේදී පැවැත්වෙන 2025 දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ කාන්තා මීටර 200 ඉසව්වේ රන් පදක්කම හිමිකර ගැනීමට සාෆියා යමික් සමත් වූ අතර, ඇය මෙම තරගාවලියේ ලබාගත් තෙවැනි රන් පදක්කම මෙයයි.

එහිදී මෙම ඉසව්ව සඳහා ඇය වාර්තා කළ කාලය තත්පර 23.58ක් වන අතර, එය නව තරගාවලි වාර්තාවක් බවයි මලල ක්‍රීඩා සංගමය සඳහන් කළේ.

මින් පෙර ඇය කාන්තා මීටර 100 ධාවන ඉසව්වේ සහ කාන්තා 4X100 ධාවන ඉසව්වේද රන් පදක්කම් හිමිකර ගැනීමට සමත් වුණා.