ශ්‍රී ලංකාවේ මුදල් වෙළඳපොලේ එක්දින (Oveight) ගනුදෙනු පරිමාව ඉහළ යෑමත්, අතිරික්ත ද්‍රවශීලතාවය පහත වැටීමත් සමග පොලී අනුපාත ඉහළ ගොස් ඇති බව නිල දත්ත පෙන්වා දෙනවා.
කෙසේ වෙතත්, මහ බැංකුවේ ‘තනි ප්‍රතිපත්ති අනුපාතය’ මගින් මෙම ගැලපීම දුර්වල ලෙස සීමා කර තිබෙනවා.
උපරිම සහ සාමාන්‍ය කෝල් අනුපාතය පසුගිය මාසයේ 7.86%ක මට්ටමේ සිට 7.90% දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්.
පුළුල් තත්ත්වයන් පිළිබිඹු කරන රෙපෝ වෙළඳපොලේ ඉහළම අනුපාතය පසුගිය මාසයේ 7.91%ක මට්ටමේ සිට 7.95% දක්වා වැඩි වී තිබෙනවා.
උපරිම හා සාමාන්‍ය රෙපෝ අනුපාතය ද 7.88% මට්ටමේ සිට 7.92% දක්වා ඉහළ ගිය බවයි සඳහන්.
මේ අනූව මෑත මාසවල ශක්තිමත් ණය වර්ධනය මධ්‍යයේ, එක්දින ගනුදෙනු පරිමාව සැප්තැම්බර් මාසයේ පැවති රුපියල් බිලියන 30-40 ක මට්ටමේ සිට රුපියල් බිලියන 50-60 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එමෙන්ම පසුගිය සතියේ සහ බ්‍රහස්පතින්දා දිනවලදී කෝල් ගනුදෙනු පරිමාව රුපියල් බිලියන 124 ක් දක්වා ළඟාවී තිබෙනවා.
“තනි ප්‍රතිපත්ති අනුපාතය” (7.75%) මුදල් වෙළඳපොල ගනුදෙනුකරුවන් සීමා කිරීමට හේතු වන බවත්, එමගින් අසමතුලිතතා ගොඩනැගීමට ඉඩ සලසන බවත් විචාරකයෝ පෙන්වා දෙනවා.
අතීතයේදී ද මේ ආකාරයේ උද්ධමනය ඇති කරන විවෘත වෙළඳපොල මෙහෙයුම් මගින් ඉහළ පොලී අනුපාත සහ විදේශ විනිමය අවප්‍රමාණය ඇති වුණා.
වර්තමානයේදී, මහ බැංකුව 8.25% ක උපරිම අනුපාතය යටතේ පමණක් බැංකු සඳහා එක්දින මුදල් ලබා දෙමින්, හිඟ සංචිත පාලන තන්ත්රයක් ක්‍රියාත්මක කරනවා.
