සති කිහිපයකට පසු රන් පවුමක මිල රුපියල් ලක්ෂ තුනේ සීමාවට වඩා පහළ ගොස් තිබේ.
ඒ අනුව කැරට් 22 රන් පවුමක මිල අද(28) දින සටහන් වී ඇත්තේ රු 298,000ක් ලෙස දැක්වුණි.
ඒ අනුව මෙරට රන් මිල පසුගිය ඔක්තෝබර් මස 17 වන සිකුරාදා දිනට සාපේක්ෂව රු 81,000කින් පහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළඳපොළ ආරංචිමාර්ග පවසනවා.
පසුගිය ඔක්තෝබර් මස 17 වන සිකුරාදා කැරට් 22 රන් පවුමක මිල රු. 379,200ක් ලෙස දැක්වුණි.
මේ අතර එදින රු. 410,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 322,000ක් දක්වා පහළ ගොස් ඇත.
