මෙරට රත්‍රං මිල ඊයේ (28) දිනට සාපේක්ෂව අද පෙරවරුව වන විට රුපියල් 2000කින් පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි.
ඒ අනුව ඊයේ දිනයේ දී කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි රු. 296,000ක් ලෙස සටහන් වූ “කැරට් 22” රන් පවුමක අද දිනය වන විට මිල රු. 294,000ක් දක්වා පහළ ගොස් තිබේ.
මේ අතර ඊයේ (28) දිනයේ දී රු. 320,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 318,000ක් දක්වා පහළ ගොස් ඇත.
