Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අහස උසට ගිය පොල් මිල

1 year ago

දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පොල් ගෙඩියක සිල්ලර මිල රුපියල් 230 ක් දක්වා ඉහළ ගොස් ඇති බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ නවතම වාර්තාවකින් හඳාලා දක්වා ඇත.

සුපිරි වෙළෙඳසැල් රැසකදී ලොකු පොල් ගෙඩියක් රුපියල් 196 සිට 230 දක්වා මිලකට අලෙවි වෙමින් පවතී. සිල්ලර වෙළෙඳපොළේ සාමාන්‍ය මිල රුපියල් 200 සිට 210 දක්වා වැඩි වී ඇති අතර, කුඩා පොල් ගෙඩියක මිල රුපියල් 170 සිට 195 දක්වා ඉහළ ගොස් තිබේ.

පසුගිය වසරේ සමාන කාලයට සාපේක්ෂව ලොකු පොල් ගෙඩියක සිල්ලර මිල සියයට 50කින්, කුඩා ගෙඩියක මිල සියයට 64කින් වැඩි වී ඇත.

තොග වෙළෙඳපොළේ ලොකු පොල් ගෙඩියක මිල රුපියල් 175 සිට 185 දක්වා ඉහළ ගොස් ඇති අතර, මෙය පසුගිය වසරට සාපේක්ෂව සියයට 41ක වැඩිවීමකි.