Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඉන්දියාවට වාර්තා පොත් අතරට එක්වූ පරාජයක් අත්වෙයි

1 year ago

සත්කාරක ඉන්දීය කණ්ඩායම පරාජය කර කොල්කටාහි ඊඩ්න් ගාඩ්න්ස් ක්‍රීඩාංගණයේ දී අද (16) අවසන් වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 30ක නොතිබූ ජයක් ලැබීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් විය.

මෙහිදී දකුණු අප්‍රිකානු කණ්ඩායම ලබාදුන් ලකුණු 124ක පහසු ඉලක්කයට පිළිතුරු ලෙස ඉන්දියාවට සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 93ක් පමණි.

ඉන්දීය දෙවන ඉනිම සම්පූර්ණයෙන් විනාශකර දැමූ සිමොන් හාමර් ලකුණු 21කට කඩුලු 4ක් දවාගත්තේය.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව පළමු ඉනිමට ලකුණු 159/10ක් රැස්කළ අතර, ඊට පිළිතුරු ලෙස ඉන්දියාව ලකුණු 189/10ක් රැස්කළේය.

දකුණු අප්‍රිකානු දෙවන ඉනිම ලකුණු 153කට සීමා වූ අතර, ඒ හේතුවෙන් ඉන්දියාවට මෙම ලකුණු 124ක පහසු ඉලක්කය හිමිවිය.

මෙම ජයත් සමග තරග 2කින් යුත් තරගාවලිය 1-0ක් ලෙස දකුණු අප්‍රිකාව තරගාවලියේ පෙරමුණ ගත්තේය.

මෙම තරගාවලිය අයි.සී.සී. ටෙස්ට් ලෝක ශූරතාවට සමගාමීව පැවැත්වේ.

මෙය ජාත්‍යන්තර ටෙස්ට් තරගයකදී ලකුණු අප්‍රිකාව ආරක්ෂා කරගත් දෙවන අඩුම ලකුණු සංඛ්‍යාව වේ. එහි වාර්තාව වන්නේ 1994 වසරේ දී ඔස්ට්‍රේලියාවට එරෙහිව ලකුණු 117ක් රැකගැනීමය.

එමෙන්ම ජාත්‍යන්තර ටෙස්ට් තරගයකදී ඉන්දියාට හඹායෑමට නොහැකි වූ දෙවන අඩුම ලකුණු සංඛයාව ද මෙය වේ.