Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ශ්‍රී ලංකා කණ්ඩායම අඩු ලකුණු ගණනකට සීමා වෙයි

1 year ago

පාකිස්තානයට එරෙහිව අද (16) පැවැත්වෙන තෙවන හා අවසන් එක්දින ක්‍රිකට් තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 45.2කදී සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 211ක් පමණි.

ඒ අනුව තරග 3-0ක් ලෙස ශ්‍රී ලංකාව පූර්ණ තරගාවලි පරාජයකට ලක්කිරීමට පාකිස්තානයට ලකුණු 212 පහසු ඉලක්කයක් හිමිවිය.

ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණුලාභියා‍ බවට පත් වූ සධීර සමරවික්‍රම ලකුණු 48ක්ද, සිය මංගල එක්දින තරගයට ක්‍රීඩාකරන පවන් රත්නායක ලකුණු 32ක්ද රැස්කළේය.

ඊට අමතරව කුසල් මෙන්ඩිස් ලකුණු 34ක් රැස්කර ගැනීමට සමත් වූ අතර, කමිල් මිෂාර ලකුණු 29ක් සහ පැතුම් නිස්සංක ලකුණු 24ක් රැස් කළා.

පාකිස්තානය වෙනුවෙන් මොහොමඩ් වසීම් ලකුණු 47කට කඩුලු 3ක් හා හාරිස් රවුෆ් ලකුණු 38කට කඩුලු 2ක්ද දවාගත්තේය.