Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වනිඳු වෙනුවට විජයකාන්ත් වියස්කාන්ත්ව සංචිතයට කැඳවයි

12 months ago

පාකිස්තානයේ පැවැත්වෙන විස්සයි20 තුන්කොන් තරගාවලියේ ශ්‍රී ලංකා සංවිතයට දඟ පන්දු යවන ක්‍රීඩක විජයකාන්ත් වියස්කාන්ත් ඇතුළත් කර ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරන්නේ, ඔහු කටාර් සිට සෘජුවම පාකිස්තානය වෙත පැමිණෙනු ඇති බවය.

විජයකාන්ත් වියස්කාන්ත් මේ වනවිට ‘ආසියානු කුසලාන නැගී එන තරු’ විස්සයි20 ක්‍රිකට් තරගාවලියට තරග කරන ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායමේ සාමාජිකයෙකි.

පාකිස්තාන – ශ්‍රී ලංකා එක්දින තරගාවලියේදී ඇති වූ ආබාධයක් හේතුවෙන් වනිඳු හසරංග තවමත් සම්පූර්ණයෙන් සුවය ලබා නොමැති බැවින් වියස්කාන්ත් මෙලෙස සංචිතයට ඇතුළත් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

විස්සයි20 තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගීවන පළමු තරගය නොවැම්බර් 20 වනදා සිම්බාබ්වේට එරෙහිව රාවල්පින්ඩි හිදී පැවැත්වෙයි.