Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දිනක් තුළ රන් පවුමක මිල දැනෙන අගයකින් ඉහළට

12 months ago

ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල දැඩිව ඉහළ ගොස් ඇති අතර, එම වෙනස්වීමේ සෘජු බලපෑමක් ලෙස ශ්‍රී ලංකාවේ රන් මිලද සැලකිය යුතු ලෙස වැඩි වී ඇත.

අද වන විට ලෝක රන් මිල ඩොලර් 4,150 දක්වා ඉහළ ගොස් ඇති අතර, මෙරට වෙළෙඳපොළ දත්ත අනුව රුපියල් 6,000කින් වැඩිවීමක් සිදුවී ඇත.

කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළේ අද පෙරවරුවේ මිල ගණන්:

  • කැරට් 22 රන් පවුමක් – රු. 309,200 (ඊයේ රු. 303,600)
  • කැරට් 24 රන් පවුමක් – රු. 336,000 (ඊයේ රු. 330,000)

මෙම තත්ත්වය, ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉහළ යාමට සෘජු සම්බන්ධතාවක් ඇති බව වෙළෙඳපොළ ආරංචි මාර්ග පෙන්වා දෙයි.