මේ වසරේ ගතවූ කාලය තුළ නව බදු ගෙවන්නන් ලක්ෂ 02 ක් ලියාපදිංචි කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා.
එසේම, එම කාලය තුළ නව සමාගම් 18,000 ක් ලියාපදිංචි වී ඇති බවයි එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් රුක්දේවී ප්‍රනාන්දු සඳහන් කළේ.
මේ අතර, මෙතෙක් ඉතිහාසයේ ලබාගත් වැඩිම ආදායම් ඉලක්කය වන රුපියල් ට්‍රිලියන 02 ඉක්මවා, මේ වන විට රුපියල් බිලියන 2,080 ක ආදායමක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ලබා ගෙන තිබෙන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
