Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අමිහිරි වාර්තාවක් අබියස

12 months ago

පාකිස්තානයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන තුන්කොන් විස්සයි විස්ස තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන තෙවැනි තරගය අද (25) සිම්බාබ්වේ සමග රාවල්පින්ඩි ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට නම් ශ්‍රී ලංකාව මෙම තරගය ජයගැනීම අත්‍යවශ්‍යයි.

  • පරාජය වූහොත්: ශ්‍රී ලංකාව සියලු ආකෘතිවල ක්‍රිකට් තරග 700ක් පරාජය වූ ලොව 4වැනි කණ්ඩායම බවට පත්වේ.

තරගාවලියේ මේ වන විට තත්ත්වය:

  • පාකිස්තානය තරග තුනම ජයගනිමින් අවසන් තරගයට සුදුසුකම් ලබා ඇත.
  • සිම්බාබ්වේ, ශ්‍රී ලංකාව පරාජය කළ හේතුවෙන් ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසුවෙයි.
  • ශ්‍රී ලංකාව සියලු තරග පරාජය වී අවසන් ස්ථානයේ රැඳී සිටින අතර, දළ ලකුණු වේගය -2.679කි.

එක් තරගයක් ජයගනිමින් අවසන් තරගයට සුදුසුකම් ලැබීමට හැකියාව තිබුණද, එය සිදු වීමට නම් වැඩි ලකුණු පරතරයක් රඳවා ගනිමින් අද තරගය ජයගත යුතුය.

ශ්‍රී ලංකාව අවසන් ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 5ම පරාජය වී ඇති අතර, ඔවුන් අවසන් වරට ජයගත්තේ ආසියානු කුසලාන මූලික වටයේ ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවති තරගයයි.