Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාවේදී

12 months ago

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2026දී ඉන්දියාවේ සහ ලංකාවේ සම-සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිත අතර එමගින් මෙරට පිළිබඳව ජාත්‍යන්තර වශයෙන් ලැබෙන ප්‍රචාරණයල විදෙස් සංචාරකයින්ගේ පැමිණීමෙහි සිදු වන වර්ධනය ඇතුළු ප්‍රතිලාභ රැසක් හිමි වනු ඇතැ’යි අපේක්ෂා කෙරේ.

ශ්‍රී ලංකාවේ සම-සත්කාරකත්වය සහිතව පැවැත්වීමට නියමිත 2026 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සම්බන්ධයෙන් වූ සාකච්ඡාවක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නීතිරීතිවලට අනුවල ඉතා ප්‍රශස්ත මට්ටමින් අදාළ තරගාවලිය මෙරට තුළ පැවැත්වීම සම්බන්ධව මෙන්ම මෙරටට පැමිණෙන විදේශීය ප්‍රේක්ෂකයන් මුහුණ දෙන ආගමන හා විගමන ගැටලු කෙරෙහිද මෙහිදී අවධානය යොමු කෙරිණි.

එසේමල මෙම තරගාවලිය හේතුවෙන් රටේ ආර්ථිකයට ඇති විය හැකි සුබවාදී බලපෑම සහ උත්පාදනය විය හැකි නව ආර්ථිකමය අවස්ථා පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක් විය.

මෙම තරගාවලිය කොළඹ සහ පල්ලේකැලේ පිහිටි ක්‍රීඩාංගණ තුනක් කේන්ද්‍ර කර ගෙන පැවැත්වීමට සැලසුම් කර ඇත. මෙම තරගාවලිය සඳහා ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ දායකත්වය ලබා ගැනීම පිළිබඳවද එහිදී අවධානයට යොමු විණ.

2026 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පෙබරවාරි මස 07 වන දා සිට මාර්තු 08 වන දා දක්වා කාලය තුළ පැවැත්වේ. රටවල් 20ක් මෙම තරගාවලිය සඳහා සහභාගි වන අතරල එම රටවල් අතර පැවැත්වෙන තරග විස්සක් පමණ ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සැලසුම් කර ඇත.