ජාත්‍යන්තර ටෙස්ට් හා විස්සයි20 ක්‍රිකට් පිටියට සමුදුන් බංග්ලාදේශ හිටපු නායක ෂකිබ් අල් හසන් සිය තීරණය වෙනස්කර තිබේ.
මේ වනවිට වසරකට වැඩි කාලයක් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාකර නොමැති ඔහු, බංග්ලාදේශය නියෝජනය කරමින් ආකෘති තුනම ක්‍රීඩා කිරීමට කැමති බව ‘Beard Before Wicket’ නම් යූටියුබ් නාලිකාව හා එක්ව පවසා ඇත.
“මම නිල වශයෙන් සියලුම ආකෘතිවලින් විශ්‍රාම ගිහින් නෑ. මම ඒ බව හෙළිකරන පළමු අවස්ථාව මේ. මගේ බලාපොරොත්තුව බංග්ලාදේශයට ආපසු ගිහින් එක්දින, ටෙස්ට් සහ විස්සයි20 සම්පූර්ණ තරගාවලියක් ක්‍රීඩා කර විශ්‍රාම ගැනීමට. මට සියලුම ආකෘතිවලින් මගේ රටේදී විශ්‍රාම ගැනීමට අවශ්‍යයි. ඒ නිසා මට සම්පූර්ණ තරගාවලියක් ක්‍රීඩාකර විශ්‍රාම යාමට අවශ්‍යයි.“
2006 වසරේ සිට බංග්ලාදේශය නියෝජනය කරන ශකීබ් ටෙස්ට් ලකුණු 4,609ක් (100/5, 50/31), එක්දින ලකුණු 7,570 (100/9, 50/56) හා විස්සයි20 ලකුණු 2,551 (50/13) රැස්කර ඇත.
ඊට අමතරව ටෙස්ට් කඩුලු 246ක්, එක්දින කඩුලු 317ක් හා විස්සයි20 කඩුලු 149කටද ඔහු හිමිකම් කියයි.
