Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

තවත් ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 4 දෙනෙකුට IPL වෙන්දේසියට ඇතුළත්වීමට වරම් හිමිවෙයි! වෙන්දේසියට ලංකාවෙන් 12ක්!

11 months ago

2026 අයි.පී.එල් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ලබන 16 වනදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිතයි.

ඒ සඳහා ක්‍රීඩකයින් 350 දෙනෙකු ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබේ.

මේ අතර මෙවර ක්‍රීඩක වෙන්දේසියට තවත් ශ්‍රී ලංකික ක්‍රීඩකයින් හතර දෙනෙකුට එක්වීමට අවස්ථාව උදාවී තිබෙනවා.

ඒ ට්‍රැවීන් මැතිව්, බිනුර ප්‍රනාන්දු, කුසල් පෙරේරා සහ දුනිත් වෙල්ලාලගේ යන ක්‍රීඩකයින්ටයි.

මේ අතර මෙවර ක්‍රීඩක වෙන්දේසියට ඉන්දීය රුපියල් කෝටි 02ක උපරිම මූලික මිල කාණ්ඩයට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකු ඇතුළත්ව සිටිනවා.

ඒ මහීෂ් තීක්ෂණ, වනිඳු හසරංග සහ මතීෂ පතිරණ යන ක්‍රීඩකයින්.