ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව අද සුළු වශයෙන් අවප්‍රමාණය වී ඇත.
එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතය ඊයේ(08) රුපියල් 304.80 ලෙස සටහන් වූ අතර අද එය රුපියල් 304.83 දක්වා ඉහළ ගොස් තිබේ.
එමෙන්ම, ශ්‍රී ලංකා රුපියලේ විකුණුම් අනුපාතය ද රුපියල් 312.39 සිට රුපියල් 312.40 දක්වා ඉහළ ගොස් තිබේ.
කෙසේ වෙතත්, ගල්ෆ් මුදල් ඇතුළු විදේශීය මුදල් කිහිපයකට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අධිප්‍රමාණය වී ඇත.

