රුපියල් 70 ට මිල ඉහළයන බව කියමින් වොයිස්කට් බිල්ලන් මවා පෑවද බිත්තරය රුපියල් 45 සීමාවෙන් අඩුවට පාරිභෝගිකයාට ලබාදෙන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය පවසයි.
නිෂ්පාදකයා මිල නියම කළායින් පසු අතරමැදියන් තමන්ගේ ලාභ ප්‍රයෝජන වෙනුවෙන් මිලක් නියම කිරීමෙන් පාරිභෝගිකයාත් ගොවියාත් අතරමං වන බවද සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක පවසයි.
මාධ්‍ය හමුවක් කැඳවමින් සරත් රත්නායක පැවසූයේ රුපියල් 70 සීමාවට බිත්තර මිල ඉහළ යන බවට විවිධ පාර්ශ්ව විසින් මාධ්‍ය හමු පවත්වා වැරදි තොරතුරු සමාජ ගතකර මෙම ක්ෂේත්‍රය වැට්ටවීමට කැසකවා ඇති බවය.
