Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඉරාන නෞකාවේ 180ක් සිටි බවට අනාවරණයක්! මුදාගන්නා පිරිස් කඩිනමින් කරාපිටිය රෝහලට!

9 months ago

ගාලු මුහුදට නාවික සැතපුම් 40ක් දුරින් අනතුරට පත්වූ ඉරාන නාවික හමුදාවට අයත් IRIS Dena නෞකාවේ 180ක පිරිසක් සිට ඇතැයි විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

පාර්ලිමේන්තුවේ දී මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් අමාත්‍යවරයා පැවසුවේ ඉන් 30 දෙනෙකු නාවික හමුදාව විසින් මුදාගෙන මේ වනවිට කරාපිටිය රෝහල වෙත රැගෙන විත් ඇති බවයි.

මේ අතර නෞකාව අනතුරට ලක්වූ ප්‍රදේශය සෝදිසි මෙහෙයුම් සඳහා ගුවන් හමුදා නිරික්ෂණ යානයක් පිටත් කර ඇති බව වාර්තා වෙයි.