Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අස්ගිරි අනුනාහිමිගෙන් ජනපතිට ඇගයීමක්

9 months ago

මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම් යුද වාතාවරණය හමුවේ ශ්‍රී ලංකා රජය ගනු ලැබූ තීරණ සම්බන්ධයෙන් අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනාහිමියන් සිය ප්‍රසාදය පළ කර තිබේ. ලෝක බලවතුන් ගැටුම්වල නිරතව සිටින මෙවන් අවදානම් සහගත මොහොතක, ජනාධිපතිවරයා ඉතා බුද්ධිමත් ලෙසත්, නිසි වේලාවටත් අවශ්‍ය පියවර ගෙන ඇති බව උන්වහන්සේ අවධාරණය කළහ.

විශේෂයෙන්ම මැදපෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවටද වක්‍රාකාරව එහි පාර්ශවකරුවෙකු වීමට සිදුව ඇති පසුබිමක, රටේ ආරක්ෂාව සහ ජාත්‍යන්තර සබඳතා සමබරව පවත්වා ගැනීමට රජය දක්වන මැදිහත්වීම අගය කළ යුතු බව උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ.

“ඉරානය සහ ඇමරිකාව අතර මේ දිනවල පවතින යුදමය තත්ත්වය ශ්‍රී ලංකා වැනි පෙරදිග රටවලටත් වක්‍රාකාරව බලපාන සේයාවන් දැන් අපිට දකින්න ලැබෙනවා. පසුගිය දිනක ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේදී ඇමරිකානු ප්‍රහාරයකින් ඉරාන යුද නැවත් විනාශ වුණා. එහිදී විපතට පත්වූවන් සඳහා ජත්‍යන්තර සම්මුතීන්ට අනුකූලව මානුෂීය සහන සැලසීමේ අත්‍යවශ්‍යය තත්ත්වයකට රජය මුහුණ දුන්නා. එම අවස්ථාවේ රජය විපතට පත් ජනතාවට පිහිට වීම සඳහා ගත් තීරණය අප අගය කළ යුතුයි. ජත්‍යන්තර සම්මුතීන්ට එකඟව ක්‍රියා කරන රටක් ලෙස එම තීරණය අප ගත යුතුව තිබූ එකක්.

තවත් ඉරාන නැවක් ශ්‍රී ලංකා මුහුදු සීමාවට පැමිණ ආධාර ඉල්ලා තිබුණා. එහිදී ජනාධිපතිවරයා ඉතාම බුද්ධිබමත්ව කටයුතු කරමින් ඊට මැදිහත් වුණා. ජත්‍යන්තර සම්මුතීන් උල්ලංඝණය නොකර යුද්ධයට මැදිහත්ව සිටින බලවත් රටවල්වලටද අගතියක් නොවන අකායෙන් එතුමා බොහෝ මැදහත් තීරණකට එළඹ තිබුණා. එම නෞකාව ත්‍රිකුණාමලය වරායට රැගෙන යන්නත් ඉරාන නැවියන් ආරක්ෂිතව රටට ගෙනවිත් මානුෂීය සහන සලසන්නත් රජය කටයුතු කළා. ඒක බෙහෙවින් අගය කළ යුතුයි. මේක ඇත්තටම අසීරු තීරණයක්.

බලවත් රටවල් අතර පවතින යුද්ධයකදී ලංකාව වැනි අපේ රටත් ඊට මැදිහත්වීමේදී අතිශය ප්‍රවේශම් විය යුතුයි. මධ්‍යස්ථ බවින් යුක්තව එවැනි තීරණයක් තමයි අවස්ථානුකූලව ගත යුතු වන්නේ. එක් රටකට පක්ෂව තවත් රටකට ප්‍රතිපක්ෂව තීරණ ගතහොත් රටක් ලෙස අපිට අනිසි ප්‍රතිඵලවලට මුහුණ දීමට සිදුවිය හැකියි. මෙවැනි අවස්ථාවක මධ්‍යස්ථ ප්‍රතිපදාවක් අනුගමනය කිරීම තමයි වඩාත් කාලෝචිතයි. බෞද්ධ රටක් ලෙසත් ශ්‍රී ලාංකිකයින් ලෙසත් අපි හැම වෙලාවෙම අපේක්ෂා කරන්නේ සාමයයි.

අපි තිස් අවුරුදු යුද්ධයකින් බැට කෑ ජාතියක්. යුද්ධයේ ආදිනව අපි දන්නවා. අපේ ශාස්තෘන් වහන්සේ ලෝකයාට දේශනා කළේ මානව වර්ගායාගේ එකමුතුවේ සහ මිනිසත් බවේ වටිකාමකයි. එය තේරුම් ගෙන මේ ලෝක බලවතුන් ලෝක සාමය සඳහා අවධානය යොමු කරනවා නම් ඒක තමයි වැදගත් වෙන්නේ. වෛරයෙන් වෛරය කිසිදා නොසංසිඳෙන බව බුද්ධ දේශනාවේ සඳහන් වෙන උතුම් ඉගැන්වීමක්. ඒ දහම් මග අනුව කටයුතු කරමින් ලෝක සාමය ඇතිකර ගන්නට ලෝක බලවතුන් කටයුතු කිරීම තමයි අපි අගයකොට සලකන්නේ.”