Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඉරාන නාවික කාර්ය මණ්ඩලය යළි භාර නොදෙන ලෙසට අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට බලපෑම් ?

9 months ago

ඇමෙරිකානු ප්‍රහාරයකින් ගිලී ගිය ඉරාන යුද නෞකාවේ දිවි බේරාගත් නාවිකයින් සම්බන්ධයෙන් කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය ශ්‍රී ලංකා රජයට දැඩි බලපෑමක් එල්ල කරමින් සිටින බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

‘IRIS Dena’ නෞකාව ගිලී යාමෙන් පසු මෙරට ආරක්ෂක අංශ භාරයේ සිටින නාවිකයින් 32 දෙනා නැවත ඉරානයට භාර නොදෙන ලෙස අමෙරිකාව ශ්‍රී ලංකාවෙන් ඉල්ලා ඇති බව එම වාර්තාවල සඳහන් වේ.

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග උපුටා දක්වන රොයිටර් පුවත් සේවය පෙන්වා දෙන්නේ, මෙම නාවිකයින් නැවත මෙරටින් පිටුවහල් කිරීම හරහා ඉරානය විසින් සිදුකළ හැකි දේශපාලනික ප්‍රචාරක කටයුතු (Propaganda) වැළැක්වීම අමෙරිකාවේ අරමුණ වී ඇති බවයි.

බේරාගත් නාවිකයින් ඉරාන රජය විසින් සිය දේශපාලන අරමුණු වෙනුවෙන් ප්‍රයෝජනයට ගැනීමට ඇති ඉඩකඩ අවම කරන ලෙස අමෙරිකාව මෙහිදී අවධාරණය කර තිබේ.

පසුගිය බදාදා (04) ගාල්ලට නාවික සැතපුම් 19ක් ඔබ්බෙන් වූ ජාත්‍යන්තර මුහුදු තීරයේදී අමෙරිකානු සබ්මැරීනයක් එල්ල කළ ප්‍රහාරයකින් මෙම ඉරාන යුද නෞකාව විනාශ විය. එහිදී මියගිය පිරිස හැරුණු විට දිවි බේරාගත් නාවිකයින් 32 දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහාය ඇතිව ගොඩබිමට රැගෙන ආ අතර, ඔවුන් මේ වන විට මෙරට රෝහල්වල ප්‍රතිකාර ලබමින් පසුවේ.