නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ ගල් අඟුරු හිඟයක් හේතුවෙන් ඉදිරියේදී සහ අප්‍රේල් මාසයේදී විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බවට පැතිර යන පුවත් සත්‍යයෙන් තොර බව බලශක්ති අමාත්‍යාංශය නිල වශයෙන් දැනුම් දී තිබේ.
අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයකට අනුව, බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු ඇණවුම් කළ නැව් 36න් 22ක් මේ වන විටත් ගොඩබා අවසන්ය.
ඉතිරි සැපයුම් ද බාධාවකින් තොරව ලැබෙන බවට සැපයුම්කරු සහතික වී ඇති අතර, අප්‍රේල් මස අවසානය දක්වා විදුලි ජනනයට අවශ්‍ය දැවි තෙල් තොග ද සන්තකයේ පවතින බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
එමනිසා, මහජනතාව නොමඟ යවන සුළු මෙවැනි සාවද්‍ය ප්‍රචාරවලට නොරැවටෙන ලෙස අමාත්‍යාංශය ඉල්ලා සිටියි.
