ඉරාන නෞකා සහ එහි කාර්ය මණ්ඩලය සම්බන්ධයෙන් මතුව ඇති රාජ්‍යතාන්ත්‍රික තත්ත්වය හමුවේ, ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට ගරු කරන බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ.
‘IRIS Bushehr’ නෞකාවේ සහ මුහුදේදී බේරාගත් ඉරාන නාවිකයන් සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමේ පූර්ණ අයිතිය ශ්‍රී ලංකාව සතු බව පෙන්වා දෙන අමෙරිකාව, එම තීරණය දේශීය හා ජාත්‍යන්තර නීතිමය බැඳීම්වලට අනුකූලව ගත යුතු බව අවධාරණය කරයි.
කෙසේ වෙතත්, ඉරානයෙන් එල්ල විය හැකි තර්ජන සැලකිල්ලට ගනිමින් මේ පිළිබඳව ශ්‍රී ලංකාව සමඟ අඛණ්ඩ සංවාදයක නිරත වන බව ද අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර ඇත.
