Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

උණුසුම් කාලගුණය හමුවේ වෛද්‍යවරුන්ගෙන් ජනතාවට උපදෙස් මාලාවක්

8 months ago

කාලගුණය උණුසුම් වීමත් සමග දරුවන්ට සහ වැඩිහිටියන්ට අධික උණුසුමින් වන බලපෑම ඉහළ යා හැකි බව සෞඛ්‍ය අංශ පවසනවා.

වංසගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය අතුල ලියනපතිරණ, කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය රුවන් ජයසූරිය සහ රිඡ්වේ ආර්යා රෝහලේ විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ සම්බන්ධයෙන් පැහැදිලි කර තිබෙනවා.

ඒ අනුව හැකි සෑම අවස්ථාවකදීම ජලය හෝ සුදුසු දියර පානය කරන ලෙසයි ඔවුන් දැනුම් දෙන්නේ.

ක්‍රීඩාවේ යෙදෙන අවස්ථා වල දී ජලය සමඟ ලවණ ද අවශ්‍ය ප්‍රමාණයට ලබා ගත යුතු බවත් සඳහන් කරනවා.

ක්‍රීඩා උත්සව ක්‍රියාත්මක වන මේ සමයේ දී ක්‍රීඩක ක්‍රීඩිකාවන් පුර්ණ සහභාගීත්ව පරීක්ෂණ වලට සහභාගී කිරීම අනිවාර්ය බවත්,මුලික සුදානමකින් තරඟ සිදු කරන ලෙසත් පවසනවා.