Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ආසියානු කුසලානයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි

2 months ago

කාන්තා ආසියානු කුසලානයේ අවසන් මහා තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම  අද (11) සුදුසුකම් ලැබීය.

ඒ, පාකිස්තාන කණ්ඩායම සමඟ පැවති දෙවන අවසන් පූර්ව තරගය කඩුලු 4කින් ජයගනිමින්.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරාධනාවෙන් ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් පාකිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කුඩුලු 05ක් දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 130කි.

තරගයෙන් ජයගැනීම සඳහා ලකුණු 131ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 18.4ක් තුළ කඩුලු 06ක් පමණක් දැවී තරගයේ ජය වාර්තා කළහ.

ඒ අනුව ලබන ඉරිදා (13) ඉන්දියාව සමඟ පැවැත්වෙන අවසන් මහා තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම් ලබාගන්නා ලදී.