Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ආබාධ සහිත පාසල් සිසුන්ට ප්‍රවාහන පහසුකම් සැපයීමට රජයෙන් සැලසුම්

1 hour ago

ආබාධ සහිත පාසල් සිසුන් සඳහා ප්‍රවාහන පහසුකම් සැපයීමට මෙවර අයවැයෙන් ප්‍රතිපාදන වෙන්කර ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසනවා.

අද (23) පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවති කොළඹ දිස්ත්‍රික් අධ්‍යාපන අනුකමිටු රැස්වීමේදී අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කර තිබෙනවා.

පාසල් ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ යටතේ පාසල් ඒකාබද්ධ කිරීමේදී සිසුන්ට ප්‍රවාහන පහසුකම් සැපයීම අනිවාර්ය බවත්, ඒ සඳහා අදාළ ප්‍රදේශවල අවශ්‍යතාවන්ට ගැළපෙන ක්‍රියාමාර්ග ගැනීමට කිසිදු බාධාවක් නොමැති බවත් ඇය පෙන්වා දී තිබෙනවා.

මේ අතර, ඇතැම් ප්‍රදේශවල පාසල් පෝෂණ වැඩසටහන ආරම්භ කිරීමෙන් පසු සිසුන්ගේ පාසල් පැමිණීමේ කැපී පෙනෙන වර්ධනයක් සිදුව ඇති බවද මෙම සාකච්ඡාවේදී අනාවරණය වී තිබෙනවා.