Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නේපාලයේ ගැඹුරුම විල නැරඹීමට ගිය 6 දෙනෙකු අතුරුදහන්

2 weeks ago

නේපාලයේ පිහිටි ගැඹුරුම විල වන ‘ෂේ ෆොක්සුන්දෝ’ (Shey Phoksundo) නැරඹීම සඳහා සංචාරයේ නිරත වූ ඉන්දියානු සංචාරකයින් 6 දෙනෙකු අතුරුදන්ව ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අතුරුදන් වූවන් අතර පිරිමි සංචාරකයින් 4 දෙනෙකු සහ කාන්තාවන් 2 දෙදෙනෙකු ඇතුළත්වන බව සඳහන් .

ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ නේපාලයේ දොල්පා (Dolpa) දිස්ත්‍රික්කයේ නුමා ලා (Numa La) සහ බගා ලා (Baga La) කඳුකර මාර්ග හරහා ගමන් කරමින් සිටියදී මොවුන් සමඟ පැවැති සන්නිවේදන සබඳතා සම්පූර්ණයෙන්ම ඇනහිට ඇති බවයි.

බෙංගාල බොක්කේ හටගත් ‘ඔර්නබ්’ (Arnab) හි බලපෑම හේතුවෙන් මෙම හිමාලයානු කලාපයට අධික හිමපතනයක් ඇදහැලෙමින් පවතින බව වාර්තා වනවා.

අයහපත් කාලගුණය සහ මාර්ගවල පවතින අවදානම් සහගත තත්ත්වය පිළිබඳව ප්‍රදේශවාසීන් විසින් සපයන ලද අනතුරු ඇඟවීම් නොසලකා මොවුන් මෙම සංචාරයේ නිරත වී ඇති බව විදෙස් වාර්තාවන්හි සඳහන්.