අවිධිමත් විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වැරදිකාරිය වූ හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශට නියම කළ වසර දෙකක සිර දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (18) තහවුරු කර තිබෙනවා.
එම සිර දඬුවමට එරෙහිව ඇය ඉදිරිපත් කර තිබුණු අභියාචනය සලකා බැලීමෙන් අනතුරුව, එය ප්‍රතික්ෂේප කරමින් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ප්රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කර ඇති බවයි සඳහන් වන්නේ.
විවෘත අධිකරණයේ පෙනී සිටි ශෂී වීරවංශව වහාම රිමාන්ඩ් භාරයට පත් කළ අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ප්රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල, අදාළ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා ඇයව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද නියම කර තිබෙනවා.
