Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ගලදාරි හෝටලය අලුත් වෙයි

8 hours ago

කොළඹ ගලධාරි හෝටලය නවීකරණයෙන් අනතුරුව ‘Radission Blu Hotel Galadari Colombo’ ලෙස නව මුහුණුවරකින් හා නව නාමයකින් හඳුන්වා දීම ඊයේ (22) සිදුවුණා.

ඒ විදේශ කටයුතු විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත්ගේ සහභාගිත්වයෙන්.

එළිමහන් පිහිනුම් තටාක, SPA, ව්‍යායාම පහසුකම්, රැස්වීම්, උත්සව ශාලා, අවන්හල් සහ BAR සහිත නව පහසුකම්වලින් මෙම හෝටලය සමන්විතයි.

මෙය කොළඹ කොටස් වෙළෙඳපොළෙහි ලැයිස්තුගත හෝටල් සමාගමක් වන අතර නව සන්නාම එළිදැක්වීම හෝටලයේ දැවැන්ත පරිවර්තන ක්‍රියාවලියේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරනවා.

දෙසැම්බර් මාසය වන විට හෝටලයේ කටයුතු සම්පූර්ණයෙන් විවෘත කිරීමට සැලසුම් කර ඇති අතර ‘ Radission Blu Hotel Galadari Colombo’ නව සන්නාමය සනිටුහන් කිරීමේ අවස්ථාවට හෝටල් ක්ෂේත්‍රයේ විශාල පිරිසක් එක්ව සිටියා.