Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

25 හැවිරිදි පෙර පාසල් ගුරුවරියගේ ඝාතනය ගැන තවත් තොරතුරු රැසක් එළියට! ඝාතනා හේතුව ගෙල බැඳි රන් මාලය බවට සැකයක්!

4 years ago

පෙර පාසල් ගුරුවරියක් වූ 25 හැවිරිදි අවිවාහක තරුණියක් පේරාදේණිය මුරුතලාව ප්‍රදේශයේදී අද (07) ඝාතනය කර තිබුණි.

යතුරුපැදිකරුවෙක් තියුණු ආයුධයකින් පහරදී ගෙල කපා ඝාතනය කර පළාගොස් ඇති බවට සැක සහිත බව පොලීසිය පවසයි.

මෙලෙස මියගියේ පේරාදෙණිය, මුරුතලාව ප්‍රදේශයේ පදිංචිව සිටි 25 හැවිරිදි අංජලී චාපා සෙව්වන්දි ජයවීර නමැති පෙර පාසල් ගුරුවරියකි.

අද උදෑසන ඇය නිවසෙන් පිටත්ව ගොස් තිබුණේ පෙර පාසලේ සංවිධාන කෙරුණු අවුරුදු උත්සවයට සහභාගීවීම සඳහාය. නමුත් ඇයට නිවසින් බැහැරවී මීටර් 750 ක දුරක්වත් ඇයට යන්නට හැකිවී නොතිබුණි.

එම සිද්ධිය සම්බන්ධයෙන් අංජලීගේ මව පැවසුවේ දියණිය නිවසින් පිටවී කෙටි වෙලාවකින් ඇයගේ පෙම්වතා දුරකථන ඇමතුමක් ලබාදී අංජලීට අනතුරක් සිදුවී ඇති බවට පැවසු බවය.

“ගෙදරින් ගියේ 7.15 ට විතර. මෙයා යාලුවෙලා ඉන්න පුතා කෝල් කළා, අම්මා මගට යන්නකෝ අංජුට මොකක්හරි කරදරයක්. මාලේ දෙන්නම් කියලා කියන එක විතරයි මට ඇහුණේ ගිහින් බලන්න කියලා කිව්වා.”

“පරණ සම්බන්ධයක් තිබ්බා. මම නිතර නිතර අහනවා එයාගෙන් කරදර මොකුත් වෙනවද කියලා. මට කියලා නම් නැහැ”

බරපතළ තුවාල සහිතව මාර්ගයේ ඇද වැටී සිටි ඇය ප්‍රදේශවාසීන්ගේ මැදිහත්වීමෙන් ඉලුක්තැන්න රෝහල වෙත රැගෙන ගොස් තිබුණ ද ඉන් කෙටි වේලාවකට පසු අංජලී ජීවිතක්ෂයට පත්වී තිබේ.

පේරාදෙණිය පොලිස් ස්ථානයේ අපරාධ අංශ නිලධාරීන් විමර්ශන සිදුකරන අතර ඝාතනයේ සැකකරුවන් මෙතෙක් හඳුනාගෙන නොමැති බව පොලීසිය පවසයි.

කොසේ වෙතත් අංජලිගේ සහෝදරිය පැවසුවේ ඇගේ රන් මාලය ගලවා ගැනීමට පැමිණි පුද්ගලයෙකු විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවට සැක සහිත බවය.

“ෆෝන් එකෙන් අපිට ඇහුණේ චේන් එක දෙන්නම් පිහියෙන් අනින්න එපා කියලා. ඒ නිසා අපිට හිතෙන්නේ හොරෙක්.. එක්කෝ මෙයාට පිහියෙන් ඇනලා තියෙනවා කියලා”