Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මෙරට තරුණ ප්‍රජාවට රජයෙන් නොමිලේ එළුවන්

4 years ago

මේ වසර තුළ එළුවන් 70,000 ක් එළු පාලනයට කැමති තරුණ ප්‍රජාව අතරේ නොමිලේ බෙදාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ.

ඒ අනුව රැකියා විරහිත තරුණයින් සහ ග්‍රාමීය අංශයේ ජනතාව සඳහා මෙම එළුවන් බෙදාදීමට කටයුතු කරනු ඇත.

අවශ්‍ය තාක්ෂණය සහ උසස් තත්වයේ එළුවන් ලබාදීමට පෞද්ගලික අංශයේ සහයෝගයද ලබාගැනීමට කටයුතු කරන බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසීය.

ජම්නපාරි, කොට්ටුකච්චි, බෝයර් සහ සානන් යන උසස් වර්ගයේ එළු විශේෂ මෙහිදී හඳුන්වාදීමට නියමිතය.