Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රටම දන්න ප්‍රසිද්ධ ජාත්‍යන්තර පාසලේ විදුහල්පති අවුරුදු 22 ගුරුවරිය දැකලා ඉන්න බැරිව කරපු දේට අධිකරණයෙන් දඬුවම්

4 years ago

“අවුරුද්දටවත් විෂ් කරන්න බැරි වූ බව පවසා” පුද්ගලික පාසලක ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම් සිදු කරන 22 හැවිරිදි තරුණ ගුරුවරියව බලහත්කාරයෙන් සිප වැළඳ ගැනීමේ චෝදනා මත අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණු එම පුද්ගලික පාසලේ 60 හැවිරිදි විදුහල්පතිවරයාව එළඹෙන 28 දින දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙසට මිනුවන්ගොඩ දිසා විනිසුරුවරයා පසුගිය 18 වනදා නියම කළේය.

විදුහල්පතිවරයා කඩවත ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි දෙදරු පියෙකි.

මිනුවන්ගොඩ ප්‍රදේශයේ පෞද්ගලික පාසලක මෙම සිදුවීම සිදුව තිබේ.

නෝම්බි උත්සවය අවසන්වනතුරු පාසැලේ දරුදැරියන්ට සහ ගුරුභවතුන්ට නිවාඩු ලබාදී ඇති නමුත් සැකකාර විදුහල්පතිවරයා විසින් 22 හැවිරිදි තරුණ ගුරුවරියට දැනුම් දී ඇත්තේ විශේෂ රාජකාරි කටයුත්තක් හේතුවෙන් පසුගිය 17 වනදා පාසලට පැමිණෙන ලෙසටය.

පසුව අදාළ දැනුම්දීම මත මෙම ගුරුවරිය 17 වනදා පස්වරුවේ පාසලට පැමිණ තිබේ.

පසුව ඇය ලවා පාසලේ යම් රාජකාරි කටයුත්තක් සිදුකර ගෙන ඇති බව පොලීසිය පවසයි.

ඇයට භාරදුන් රාජකාරිය අවසන් කර ගුරුවරිය පිටව යාමට සුදානම් වු අවස්ථාවේ සැකකාර විදුහල්පතිවරයා විසින් මෙම ගුරුවරියව වැළඳගෙන ලිංගිකව අතවර කර ඇති බවට වාර්තා වේ.

පසුව එම ස්ථානයෙන් මිදී පළා ආ ගුරුවරිය මිනුවන්ගොඩ පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයට මේ බව පැමිණිලි කර තිබේ.

ඉන් අනතුරුව අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකිරීමෙන් පසු සැකකාර විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාර විදුහල්පතිවරයා සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශය විසින් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.