මතීෂ පතිරණ ප්රමුඛ පන්දු යවන්නන්ගේ විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමඟ අද පැවති තරගයෙන් කඩුලු 6ක ජයක් වාර්තා කිරීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් විය.
චෙන්නායිහිදී පැවැති තරගයේ කාසියේ වාසිය ජයග්රහණය කළ චෙන්නායි කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේදී කඩුලු 8 ක් දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 139 ක් පමණි.
මුම්බායි ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ Nehal Wadhera පන්දු 51 කදී ලකුණු 64ක් ලබා ගැනීමට සමත් විය.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ චෙන්නායි කණ්ඩායම පන්දුවාර 17.4 ක් අවසානයේ කඩුලු 4 ක් පමණක් දැවී ජයග්රාහී ඉලක්කය පසුකර යෑමට සමත් විය.
මෙම ජයග්රහණයත් සමඟ ඔවුනය ප්රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය දක්වා එක් ස්ථානයකින් ඉදිරියට පැමිණිමට හැකි විය.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් මුම්බායි ඉනිම අඩපන කළ මතීෂ පතිරණ සිය පන්දුවාර 4 තුළ ලකුණු 15 ක් පමණක් ලබා දෙමින් කඩුලු 3 ක් දවා ගනිමින් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූවේය.
පන්දු යැවීමේදී තුෂාර් දේශ්පන්ඩේ හා දීපක් චහාර් කඩුලු 2 බැගින් බිද හෙලූ අතර මහීෂ් තීක්ෂණ සිය පන්දුවාර 4 තුළ දී ලකුණු 28 ක් ලබා දුන් මුත් ඔහුට කිසිදු කඩුල්ලක් දවා ගැනීමට නොහැකි විය.

