Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ලංකාවේ ආර්ථිකය ගැන නවතම අනාවරණය

3 years ago

මේ වසරේ දී අවසන් කාර්තුවේදී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය ධන අගයක් වනු ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ දෙහිඕවිට පැවැති වැඩසටහනකට සහභාගී වූ අවස්ථාවේදීයි.

විවිධ ජාත්‍යන්තර මුල්‍ය ආයතන විවිධ පුරෝකථනයන් සිදු කළද පසුගිය වසරේ ද එම පුරෝකථනයන් ඉක්මවා මෙරට ආර්ථිකය මෙහෙයවීමට හැකි වූ බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මේ වසරේ ද ලෝක බැංකු පුරෝකථනයන්ට අනුව මෙරට ආර්ථික වර්ධන වේගය සෘණ 4.2ක අගයක් ගන්නා බව පැවසෙන අතර ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ පුරෝකථනයන්ට අනුව මෙරට ආර්ථික වර්ධන වේගය මේ වසරේ සෘණ 3.0ක් වනු ඇති.

ඊට අමතරව මහ බැංකු පුරෝකථනයන්ට අනුව මෙරට ආර්ථික වර්ධන වේගය සෘණ 2 – 3ත් අතර අගයක් ගනු ඇති බව සඳහන්.

අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ සියලු දෙනා ජාතික නිෂ්පාදිතයට එකතු කරන තම තමන්ගේ ප්‍රමාණය වැඩි කර ගැනීමට අධිෂ්ඨානයෙන් කටයුතු කළ යුතු බවත්, ඒ අනුව මෙම වසරේ අවසන් කාර්තුව වන විට මෙරට ආර්ථික වර්ධන වේගය ධන අගයක් ගනු ඇති බවත්ය.