Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ප්‍රබල අකුණු පිළිබඳ කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

3 years ago

අපර භාගයේදී හෝ රාත්‍රී කාලයේදී බස්නාහිර, මධ්‍යම, සබරගමුව, උතුර, ඌව, නැගෙනහිර සහ දකුණු පළාත්වල ස්ථාන කිහිපයක ප්‍රබල අකුණු සමඟ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇති විය හැකි බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

එමෙන්ම අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඔවුන් මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.