ආනයනික සීනි කිලෝග්රෑමයක් සඳහා 2020 වසරේ සිට පැවති ශත 25ක විශේෂ භාණ්ඩ බද්ද රුපියල් 50 දක්වා යළි ඉහළ දැමීමට රජය පසුගියදා තීරණය කිරීමත් සමඟ පෙරේදා (03) සිටම සීනි මිල ඉහළ ගොස් ඇති බව දක්නට ලැබේ.
සීනි මිල් ඉහළ යාම පාලනය කිරීමට සීනි සඳහා උපරිම සිල්ලර මිලක් පැනවීමට පාරිභෝගික කටයුතු අධිකාරිය පෙරේදා රාත්රියේ පියවර ගත්තේය.
එම ගැසට් නිවේදනයට අනුව, ඇසුරුම් නොකළ සුදු සීනි කිලෝග්රෑම්යක් රුපියල් 275කටත්, ඇසුරුම් නොකළ දුඹුරු සීනි කිලෝග්රෑමයක් රුපියල් 330ක උපරිම මිලකටත් අලෙවි කළ යුතු වනවා.
මේ අතර, ඇසුරුම් කළ සුදු සීනි කිලෝග්රෑම් එකක උපරිම සිල්ලර මිල රුපියල් 295ක් ලෙසත්, ඇසුරුම් කළ රතු සීනි කිලෝග්රෑම් එකක මිල රුපියල් 350ක් ලෙසත් මිල පාලනය කෙරිණි.
සීනි සඳහා උපරිම සිල්ලර මිලක් පැනවුව ද එය නොතකමින් දිවයිනේ ප්රදේශ රැසක සීනි වැඩි මිලට අලෙවි කරන බවයි වාර්තා වන්නේ.
ඇතැම් ප්රදේශවල සීනි හිඟයක් මතුව ඇති බවද වාර්තා වනවා.

