Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සාපෙළ ප්‍රථමයා නුවරින්! සාමාන්‍ය පෙළ විභාගයෙන් දිවයින මුල් ස්ථාන ලබාගත් සිසු සිසුවියන් හා පාසල් මෙන්න!

3 years ago

2022 අ.පො.ස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මත මෙවර සිසුන් දෙලක්ෂ නමදාස් හත්සිය හැට එකක් උසස් පෙළ සඳහා සුදුසුකම් ලබා තිබෙනවා.

එනම් 72.07% ක් සුදුසුකම් ලබා ඇති බවයි සඳහන්.

මේ බව සඳහන් කළේ අද (01) පාර්ලිමේන්තුවේ දී අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත විසින්.

මෙවර සමාන්‍ය පෙළ විභාගයෙන් A9 සාමාර්ථ ලබා ගත් සිසුන් 13,588 සිටින බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

2022(2023) සාමාන්‍ය පෙළ විභාගයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ සිසුවියක් ලබා ගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍යවරයා පවසනවා.

2 වන ස්ථානය යාපනය වෙම්බඩි උසස් බාලිකා විද්‍යාලයෙන් හා 3 වන ස්ථානය කොළඹ රාජකීය විද්‍යාලය හිමි කරගෙන ඇති බවයි සඳහන් වන්නේ.

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට අපේක්ෂකයින් 472,553 ක් පෙනි සිට තිබෙනවා.