Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මෙරට ප්‍රවීණ සිනමා නිළියක් කැනඩාවේදී අවසන් ගමන් යයි

3 years ago

ශ්‍රී ලාංකීය සිනමාවේ ජනප්‍රිය සහ ප්‍රවීණ රංගන ශිල්පිනියක වූ ලීනා ද සිල්වා මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

ලීනා ද සිල්වා මහත්මිය දශක හයකට වැඩි කාලයක් රංගනයේ නියළෙමින් ජනප්‍රිය චිත්‍රපට රැසකට සිය දායකත්වය ලබාදී තිබුණි.

ඇය සිංහල සිනමාවේ මුල් යුගයේ චිත්‍රපටවල රංගනයෙන් දායකවූ තවත් සුරූපී දක්ෂ රංගන ශිල්පිනියකි.

අහංකාර ස්ත්‍රී (1954), සුරතලී (1956), රන්රස (1967) ඇය රඟපෑ ජනප්‍රිය චිත්‍රපට අතර වෙයි.

මෑත කාලයේ ගඟ අද්දර, වාලම්පූරි ඇය රඟපෑ බොහෝ දෙනෙකුට මතක ඇති නිර්මාන අතර වෙයි.

ලීනා ද සිල්වා කැනඩාවේ ටොරොන්ටෝ නගරයේ තම දූදරුවන් සමග ජීවත් වෙමින් සිටියදී මිය ගොස් ඇත.

මියයන විට ඇය 87 වැනි වියෙහි පසු වුවාය.