Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පාසල් දරුවන් වෙනුවෙන් සමාජ බුද්ධි ඒකක අරඹයි

3 years ago

දරුවන්ගේ කුසලතා සහ හැකියාවන් උපයෝගී කර ගනිමින් ඔවුන්ගේම ආරක්‍ෂාව සහ සමාජ ආරක්‍ෂණය ඇති කරලීම සඳහා Social Intelligence Unit හෙවත් සමාජ බුද්ධි ඒකකයක් ස්ථාපිත කරලීමට කටයුතු කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍යය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසා තිබෙනවා.

අමාත්‍යවරයා මේ බව පැවසූවේ රන්ටැඹේ ජාතික ශිෂ්‍ය භට බලකා පුහුණු මධ්‍යස්ථානයේ පැවති ආධුනික නිලධාරි පාඨමාලා අංක 41 විසිරයාමේ පෙළපාලියට එක්වෙමිනි.

මෙලෙස ජනාධිපති අධිකාරිය සංකේතවත් කරමින් අසිපත් ප්‍රධානය කොට ශිෂ්‍ය භට බලකා නිලධාරීන් විසිර යන්නේ ඉතිහාසයේ පළමුවන වතාවට බවයි ඔහු පවසා ඇත්තේ.

එසේම මේ වසරේදී ජාතික ශිෂ්‍ය භට බලකායේ කටයුතු වඩාත් පුළුල් කිරීම සඳහා ගුරු විදුහල්පතිවරු 1000ක් අනුයුක්ත කර ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය ලබා ගෙන තිබෙනවා.