Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කුකුළු මස් හා බිත්තර මිල ඉහළ දමයි

3 years ago

කුකුළු මස් කිලෝවක මිල අද (12) දිනයේ සිට ඉහළ දැමීමට කුකුළුමස් තොග වෙළඳුන් තීරණය කර ඇත.

ඒ අනුව රුපියල් 30-50 අතර මුදලකින් කුකුළු මස් කිලෝවක් ඉහළ දැමීමට නියමිතව ඇති අතර බොහෝ ගොවිපළ හිමියන් ඊයේ (11) දිනයේදීම මෙම මුදල ඉහළ දමා ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව කුකුළු මස් කිලෝවක මිල රුපියල් 1200ක ඉක්මවා යනු ඇති බවයි පවසන්නේ.

මේ අතර බිත්තර මිලද යළි ඉහළ ගොස් ඇති අතර ඇතැම් ප්‍රදේශවල රුපියල් 50 ඉක්ම වූ මිලකට බිත්තර අලෙවි වන බවයි වාර්තා වන්නේ.

ඉල්ලුමට සරිලන සැපයුමක් නොලැබීම මත බිත්තර ඉහළමින් තිබෙන බවයි වෙළඳුන් පවසනවා.

කෙසේ වෙතත් නත්තල් සමයේදී කුකුළු මස් හා බිත්තර මිල තවදුරටත් ඉහළ යාමට නියමිත බව වාර්තා වේ.