Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

‘ටීනියා’ නමින් සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන වසංගතයක්! මෙම රෝග ලක්ෂණ පවතී නම් වහාම වෛද්‍යවරයෙකු වෙත යොමුවන්න!

3 years ago

මෙරට පුද්ගලයින් අතර චර්ම රෝග තත්ත්වයක් විශාල වශයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවට චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරුන් අනතුරු අගවනවා.

ඔවුන් පවසන්නේ එම රෝගි තත්ත්වය මේ වන විට වසංගතයක් දක්වා වර්ධනය වෙමින් පවතින බවයි.

”ටීනියා” නමින් හඳුන්වන මෙම චර්ම රෝගය වයස් භේදයකින් තොරව සියලු දෙනා අතර පැතිර යාමේ හැකියාව පවතින බවත් සිරුරේ ඕනෑම ස්ථානයක එම චර්ම රෝගය ඇති විය හැකි බවටත් විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වා දෙනවා.

ඔවුන් පවසන්නේ දහඩිය වැඩි වශයෙන් රැඳෙන ස්ථාන ආශ්‍රිතව මෙන්ම හිස ආශ්‍රිතව ද මෙම රෝගය ව්‍යාප්ත වන බවයි.

රවුම් හැඩයක් ගන්නා දදයක් ආකාරයෙන් එම රෝගය සිරුර පැතිරෙන අතර, නිතර කැසීම එහි ප්‍රධානතම ලක්ෂණ බව වෛද්‍යවරුන් පෙන්වා දෙනවා.

මෙම චර්ම රෝගය ස්පර්ශය මගින් ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින අතර, එය සුරතල් සතුන් හරහා බෝ විය හැකි බවත් වෛද්‍යවරුන් පවසනවා.