Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජනතාවට අනතුරු ඇඟවීමක්! අවුරුදු වට්ටම් බඩු ගන්නේ බලාගෙනයි!

3 years ago

උත්සව සමයත් සමඟ මේ දිනවල වෙ​ළඳපොළ තුළ බහුලව දක්නට ලැබෙන අලුත් අවුරුදු වට්ටම් හරහා භාණ්ඩ මිලදී ගැනීමේදී දැඩිසේ සැලකිලිමත් වන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

අලුත් අවුරුදු සැමරීම වෙනුවෙන් මේ දිනවලදී පාරිභෝගිකයන් ඇඳුම් පැලඳුම් මෙන්ම ගෘහ උපකරණ මිලදී ගැනීමට වැඩි වශයෙන් පෙළෙඹෙන බැවින් වට්ටම් ලබාදී ඇති භාණ්ඩවල නිමාව සම්බන්ධයෙන් අවධානය යොමුකරන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විශේෂ වැටලීම් හා විමර්ශන අධ්‍යක්ෂ සංජය වීරසිංහ සඳහන් කළේය.

මෙවැනි උත්සව සමයන්වලදී වට්ටම් ලබාදී ඇති බොහොමයක් ඇඳුම් පැලඳුම්වල නිමාව පිළිබඳ ගැටලු මතුව ඇති බව පැවසූ හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේ මිල ගණන්වල පවතින වෙනස ගැන සිතා වට්ටම් සහිත භාණ්ඩ මිලදී ගැනීමේදී එහි ප්‍රමිතිය පිළිබඳව ද සිතා බැලිය යුතු බවයි.

එමෙන්ම මෙලෙස මිලදී ගන්නා යම් භාණ්ඩයක් සම්බන්ධව ගැටලුවක් මතුවුවහොත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත සාක්ෂි සහිතව ලිඛිත පැමිණිල්ලක් සිදුකරන ලෙස හෙතෙම වැඩිදුරටත් පැවසීය