තායිලන්තයේ ඉවත් කරන ලද පැරණි ජල නළයක ඡායාරූපයක් භාවිතා කරමින් මෙරට ජල පාරිභෝගිකයින් නොමග යැවීමේ සහ බියට පත් කිරීමට කිසියම් පිරිසක් සමාජ මාධ්‍ය හරහා උත්සාහ ගනිමින් සිටින බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
නිවේදනයක් නිකුත් එම මණ්ඩලය පෙන්වා දෙන්නේ එවැනි ජල නළයක් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය භාවිතා නොකරන අතර එය තායිලන්තයේ පැරණි ජල නළයක් බව අනාවරණය වී ඇති බවයි.
කලටුවාව ජල පවිත්‍රාගාරයේ සිට පැමිණෙන සම්ප්‍රේෂණ නළය හදිසි අනතුරකින් පුපුරා යාම නිසා ඇතිවූ ආපදා තත්ත්වය පසුබිම් කරගෙන මෙම ප්‍රවෘත්තිය පලකළ බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය අවධාරණය කරනවා.
ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මගින් ලබාදෙන පිරිසිදු ජලය පිළිබඳ කිසිදු බියක් ඇතිකර නොගන්නා බව ජල පාරිභෝගිකයන්ට දැනුම් දෙයි.
ඇතිවූ හදිසි ජාතික ආපදාවකදී සිය මාධ්‍ය ජාලවල නැරඹුම් සංඛ්‍යාව ඉහළ දැමීමට දරණ මෙම සදාචාර විරෝධී උත්සාහයන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය හෙළා දකින බවත් ,මෙවැනි අසත්‍ය තොරතුරු නිසා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මගින් ලබාදෙන පිරිසිදු ජාලය පිලිබඳ කිසිදු අනියත බියක් ඇතිකර නොගත යුතු බව ඔවුන් දැනුම් දෙනවා.


