Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

තුවාලකරුවෙක් බදුල්ලේ සිට ගුවනින් කොළඹට රැගෙන ඒම අසාර්ථක වෙයි

2 years ago

බදුල්ල – මහියංගනය ප්‍රධාන මාර්ගයේ දී බස් රථයක් පෙරළීයාමෙන් අද (1) සිදු වූ අනතුරෙන් බරපතළ තුවාල ලබා සිටින අයෙක් ගුවනින් කොළඹට රැගෙන ඒමට ගත් උත්සාහයක් අසාර්ථක වී තිබේ.

බදුල්ල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මෙම තුවාලකරු ගුවන් හමුදා හෙලිකොප්ටර් යානයකින් කොළඹට රැගෙන ඒමට උත්සාහ කර තිබුණි.

එම තුවාලකරු ගිලන්රියකින් බදුල්ල පාපන්දු පිටියට රැගෙන ආවද, අයහපත් කාලගුණය නිසා එම ගුවන්ගමන නතරකිරීමට සිදුව ඇත.

ඒ හේතුවෙන් තුවාලකරු නැවතත් බදුල්ල ශික්ෂණ රෝහලටම රැගෙන යාමට සිදුව තිබේ.