පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 20කට බලපෑම් එල්ල වී තිබෙනවා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, එම දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 166ක පවුල් 80,642ක් මේ වන විට පීඩාවට පත්ව සිටින බවයි.
පුද්ගලයින් 276,550 දෙනෙකු පීඩාවට පත්ව සිටින අතර පවුල් 5,305කට අයත් පුද්ගලයින් 16,553 දෙනෙකු ආරක්ෂිත ස්ථානවල රැඳී සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
අයහපත් කාලගුණය හේතුවෙන්, මේ දක්වා පුද්ගල මරණ හයක් සිදු ව ඇති බව වාර්තා වේ.
ඊට අමතරව, අතුරුදන් වීම් හයක් ද වාර්තා වේ.
පුද්ගල මරණ වාර්තා වී ඇත්තේ පුත්තලම, බදුල්ල සහ අම්පාර යන දිස්ත්‍රික්ක වලිනි.
දැඩි සුළඟ සහ නායයාම් වැනි හේතු මත සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් ඇති නිවාස ගණන 82 කි.
මේ අතර ජලාශ ආශ්‍රිතව පහත්බිම්වල ගංවතුර තත්ත්වයන් තවදුරටත් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
විශේෂයෙන් දැඳුරුඔයේ සහ මහවැලි ගගේ ජල මට්ටම ඉහළයාම හේතුවෙන් ගංවතුර තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වාරිමාර්ග ඉංජිනේරූ ජි.ඩබ්ලිව්.ඒ.සකුරා දිල්තාරා මහත්මිය සඳහන් කළා.
