වර්තමානයේ පවතින මාර්ග තදබදයට හේතුව රථවාහන සම්බන්ධයෙන් තොරතුරු යාවත්කාලීන නොවීම බව පොලිසිය පවසනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මහතා අද (01) පැවති ප්රවෘත්ති සාකච්ඡාවක් කැදවමින් කියා සිටියේ, එම තොරතුරු යාවත් කාලීන කිරීමෙන් පසු සංඥා පද්ධතිය ද නිවැරදි කළ යුතු බවයි.
වැඩ බලන පොලිස්පතිවරයාගේ උපදෙස් මත ඊට අදාළ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති අතර, එතෙක් රථ වාහන හැසිරවීමේ ක්‍රියාවලිය සදහා සංඥා පද්ධතිය වෙනුවට පොලිස් නිලධාරීන් යොදා ගැනීමට සැලසුම් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියා.
