Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සූර්යකෝෂ විදුලි රැහැනක පැටලී පුද්ගලයෙක් ජීවිතක්ෂයට

2 years ago

කොත්මලේ පොලිස් වසමට අයත් වෙදමුල්ල අලුත් කොටසේ එළවළු වගා භුමියක ඇද තිබු සූර්යකෝෂ විදුලි රැහැනක පැටලී අද (01) දින පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්වි ඇති බව කොත්මලේ පොලිසිය පවසනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත් වී ඇත්තේ එම වතුයායේ පදිංචිව සිටි තංගවේල් ක්‍රිෂ්ණකුමාර් නැමති 67 හැවිරිදි පුද්ගලයෙක්.

එම වතුයායේ එළවළු වගා භුමියක වගා කර ඇති එළවළු වන සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා සූර්යකෝෂ විදුලි ආධාරයෙන් ඇද තිබූ විදුලි රැහැනක පැටලී එම පුද්ගලයා ජීවිතක්ෂයට පත් වී ඇති බවයි පොලිසිය පවසන්නේ.

ජීවිතක්ෂයට පත් පුද්ගලයාගේ සිරුර මහෙස්ත්‍රාත්වරයාගේ ස්ථාන පරීක්ෂාවෙන් පසු සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කිරිමටනියමිතයි.