Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හෙට රාත්‍රී 9.30 දක්වා පාර්ලිමේන්තුවේ විවාදයක්

2 years ago

පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණය හේතුවෙන් ඇති වී ඇති ආපදා තත්ත්වය පිළිබඳ සභාව කල්තැබීමේ විවාදයක් හෙට (04) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව එය පස්වරු 5.30 සිට 9.30 දක්වා පැවැත්වෙන බවයි, පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

අද (03) පාර්ලිමේන්තුවේදී කථානායක ආචාර්ය අසෝක රන්වල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පක්ෂ නායක රැස්වීමේදී මම තීරණය ගෙන ඇති බව සඳහන්.

මේ අනුව පෙර තීරණය කළ පරිදි ජනාධිපතිවරයා විසින් පසුගියදා පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අදාළ යෝජනාව පිළිබඳ විවාදය හෙට පෙරවරු 9.30 සිට පස්වරු 5.00 දක්වා පැවැත්වෙනු ඇති.

අනතුරුව පස්වරු 5.00 ට පැවැත්වීමට නියමිත ඡන්ද විමසීමෙන් අනතුරුව පස්වරු 5.30 ට විරුද්ධ පාර්ශ්වය විසින් ‍ගෙනෙනු ලබන යෝජනාවක් ලෙස මෙම සභාව කල්තැබීමේ විවාදය පැවැත්වීමට මෙහිදී එකඟත්වය පළ වී ඇති බව සඳහන්.