Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රූබික් කැට 1200ක් යොදාගනිමින් ජනපති අනුරගේ රුව හදා 12 හැවිරිදි දරුවෙක් ලෝක වාර්තාවක් තියයි

2 years ago

සස්නුල සෙහන්ස ලක්මාල් සිසුවා විසින් රූබික් කැට 1200 ක් යොදා ගනිමින් පැය 3 යි මිනිත්තු 13 යි තත්පර 11 ක කාලයක් තුළදී ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ රුව නිර්මාණය කර ලෝක වාර්තාවක් පිහිටුවා තිබේ.

තවමත් එකොළොස් හැවිරි දිවියේ පසුවන මෙම දරුවාගේ පියා ශ්‍රී ලංකා යුද හමුදාවේ සැරයන්වරයෙකි.

මෙම දරුවා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට අයත් ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවෙහි 9 වන ඒකකයට අයත් සැරයන් එච්. ඩී. ටී. ලක්මාල් මහතාගේ වයස අවුරුදු 12 ක් වන වැඩිමහල් පුතණුවන් වේ.

මෙම ලෝක වාර්තාව ඊයේ (03) යක්කල ප්‍රදේශයේ පිහිටි යුද්ධ හමුදාවට අයත් රණවිරු ඇපරල් පිහිනුම් තටාකාංගන පරිශ්‍රයේදී පිහිටුවා තිබේ.

මෙය නව ලෝක වාර්තාවක් බවයි choland book of world record සංවිධානය පවසන්නේ.