Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

තීරණාත්මක ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද

2 years ago

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර දෙවන සහ අවසන් ටෙස්ට් තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද (05) පස්වරු 1.30ට ආරම්භ වනවා.

දෙරට අතර පැවති පළමු ටෙස්ට් තරගය දකුණු අප්‍රිකාව ජය ගැනීමට සමත් වුණා.

ඒ අනුව ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට යාමට මෙම තරගය ජය ගැනීම දෙපිලටම අතිශය වැදගත් වනවා.

මෙම සටහනේ තුන්වන ස්ථානයේ සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට පළමු තරගය පරාජය වීමෙන් පසුව හතරවන ස්ථානය දක්වා පසුබැසීමට සිදු වුණා.

එහෙත් අද ආරම්භ වන තරගය ජයගතහොත් ශ්‍රී ලංකාව යළිත් තුන්වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණෙන අතර එය පරාජය වුවහොත් හයවන ස්ථානය දක්වා පසු බසිනු ඇති.

එමෙන්ම ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ දැනට දෙවන ස්ථානයේ පසුවන දකුණු අප්‍රිකානු කණ්ඩායම අද තරගය ජයගතහොත් ඉන්දියාව පරදවා පළමු ස්ථානයට පැමිණෙන අතර පරාජය වුවහොත් ඔවුන් සිටින ස්ථානයේම තවදුරටත් රැදී සිටීමට සිදු වනවා.