යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් පදවිය, බෝගහවැව ප්‍රදේශයේදී පෙරේදා (5) රාත්‍රියේ නිවසක සිටි 73 හැවිරිදි කාන්තාවක් වෙඩිතබා ඝාතනය කිරීම වැරදීමකින් සිදු වූවක් බව පොලීසිය පවසයි.
ඝාතනයට පැමිණි සැකකරුවන් දෙදෙනා කිරිඉබ්බන්වැව, වැලිඔය ප්‍රදේශයේදී අත්අඩංගුවට පත්ව ඇත. ඒ පුල්මුඩේ කඳවුරට අනියුක්ත පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින්.
සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමෙන් පසු සිදුකළ විමර්ශනවලදී කරුණු රැසක් අනාවරණය වී තිබේ.
ඔවුන් දෙදෙනා ඩුබායි රාජ්‍යයේ සැගව සිට මෙරට මත්ද්‍රව්‍ය ජාලය සහ අපරාධ රැල්ල මෙහෙයවන සංවිධානාත්මක අපරාධකරුවෙකු වන වැලිඔය ප්‍රියන්තගේ ගෝලයන් දෙදෙනෙකු බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනාට බෝගහවැව ප්‍රදේශයට පැමිණ ඇත්තේ එම නිවසේ සිටින මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ වූ ඝාතනයට ලක් වූ කාන්තාවගේ මිණිබිරියට වෙඩි තැබීමට බව විමර්ශනවලදී හෙළිවී ඇත.
