Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

එළැඹෙන 11 වනදා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

2 years ago

රුපියල් මිලියන 206,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් එළඹෙන 11වනදා සිදු කිරීමට නියමිත බව මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එම නිවේදනයේ සඳහන් වන්නේ දින 91කින් කල් පිරෙන රුපියල් මිලියන 76,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් සහ දින 182කින් කල් පිරෙන රුපියල් මිලියන 90,000ක් වටිනා බිල්පත් මෙහිදී වෙන්දේසි කරන බවයි.

එමෙන්ම දින 364කින් කල් පිරෙන රුපියල් මිලියන 40,000ක භාණ්ඩාගාර බිල්පත්ද මෙහිදී වෙන්දේසි කිරීමට නියමිතව තිබේ.